Thursday, November 27, 2014

බෞද්ධ ස්ථූප පුරාණය



බෞද්ධ විහාරස්ථානයක ඇති විහාරාංග අතර මුල් තැන හිමිවන්නේ ස්ථූපයටයි. ස්ථූපය, බෝධීන් වහන්සේ හා බුදු මැදුර යන ප්‍රධාන විහාරාංග අතරින් වන්දනා මාන කරන්නන් විසින් මුලින්ම වන්දනා කරනු ලැබිය යුත්තේ ස්ථූපය හෙවත් චෛත්‍යයටයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් එසේ වන්දනා කළ යුතු වෙයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් නොකළද එසේ චෛත්‍යයට මුලින් වන්දනා කිරීම බොදු සිරිතකි. ස්ථූපයට දාගැබ යන්නද යෙදේ. ධාතු ගර්භය යන අර්ථයෙනි

භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්මාරකයට ස්ථූප, ථූප යන වචන යෙදී ඇත. මෙවැනි ස්ථූප වර්ග පහක් පිළිබඳ 14 වැනි සියවසේ ලියැවී ඇති සද්ධර්ම රත්නාකාරය නම් ග්‍රන්ථයේ සඳහන් වේ. 1. ශාරීරික ධාතුන් සහ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍යය.
2. බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍රා ධාතුව වැනි පාරිභෝගික ධාතු තැන්පත් කර ඇති චෛත්‍යය,
3. ධර්මය තැන්පත් කර ඇති චෛත්‍යය.
4. බුදු, පසේ බුදු, මහරහත් හා සක්විති රජුන් වෙනුවෙන් තැනූ ස්මාරක,
5. පාංසුකූල වස්තූන් 23 න් එකක් ලෙසද චෛත්‍යය සැලකිය හැකි බව අංගුත්තර නිකායේ සඳහන් වේ.

බෞද්ධ ස්ථූප සියලුම බුදුන් වහන්සේ වෙනුවෙන් තනවන්නට ඇතැයි සැලකේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උදෙසා තැනූ චෛත්‍යයකට කේතකී මල් (වැටකොළු මල්) කිහිපයක් රැගෙන ශ්‍රද්ධාවෙන් ගිය කාන්තාවක එළදෙනක විසින් අනිනු ලැබ මියගොස් දෙව්ලොව උපත ලද බව විමානවත්ථු කතාවක සඳහන් වේ. අතීත අත්බැවෙකදී වැලි වලින් තනන ලද චෛත්‍යයකට ප්‍රසාද සිතින් වැඳීමේ පිනෙන් කල්ප තිහක් පුරා දුගතියක නොඉපිද සුගති ලෝකවලම උපත ලබා අවසන් අත්බවේදී ගෞතම බුදුසසුනේ ‘පුලින ථූපිය’ මහ රහතන් වහන්සේ නමින් ප්‍රකටව සිටි බවද සඳහන් වේ. මිහිරි කටහඬ ඇති භික්‍ෂූන් වහන්සේ අතර අග්‍ර තනතුර හිමි වූ ‘ලකුණ්ටක භද්දිය’ මහ රහතන් වහන්සේ ශරීර ස්වභාවයෙන් මිටි ස්වරූපයක් ගනී. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අතීතයේ වැඩ සිටි බුදුන් වහන්සේ කෙනකු උදෙසා චෛත්‍යයක් තැනවීමේදී එම චෛත්‍යය කුඩාවට තැනීමට යෝජනා කිරීම බව සඳහන් වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේ දාරුචීරිය මහරහතන් වහන්සේ හා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ ආදී රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට චෛත්‍ය තනා ඇත. බුදුන් වහන්සේ කුසිනාරා නුවරට වඩින විට විසාලා මහනුවර ගෝතමක චේතිය, සත්තිගුම්භ චේතිය සහ උදේනි චෛත්‍යයන්, පිළිබඳ වර්ණනාත්මකව දේශනා කර ඇත. උන්වහන්සේ ඉන් තෙමසකින් පසු පිරිනිවන් පාන බව ප්‍රකාශ කරනු ලබන්නේ චාපාල චෛත්‍ය අසලදී ය



සතර දෙනෙකුන් උදෙසා චෛත්‍ය තැනිය යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. බුදු, පසේ බුදු, මහරහත් උතුමන් වහන්සේ හා සක්විති රජු වෙනුවෙන් චෛත්‍ය තැනීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළහ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා විසින් බෙදන ලද සර්වඥ ධාතූන් ලබාගත් රජවරුන් විසින් ඒ ඒ ප්‍රදේශවල සර්වඥ ධාතු නිදන්කොට චෛත්‍යයන් තනවන ලදී. ධර්මාශෝක රාජ්‍ය සමයේ දී චෛත්‍ය, වන්දනාව ඉතාම ජනපි‍්‍රයව පැවැති බව සඳහන් වේ. එම රජු විසින් අසූහාර දහසක් චෛත්‍යයන් කරවූ බවද ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. දඹදිව පැවැති චෛත්‍ය අනුව මිහිඳු මහරහතන් වහන්සේගේ, අනුශාසනා පෙරදැරිව ඇරැඹි ශ්‍රී ලංකාවේ ස්ථූප නිර්මාණය අප රටට ආවේණික ලෙස විවිධ වෙනස්කම් සහිතව විකාශනය වූ බව පෙනේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් පැරැණිම චෛත්‍යය ථූපාරාමය ලෙස සලකයි. මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම ගෙන ඒමෙන් පසු තනවන ලදී. ඓතිහාසික වැදගත්කම අනුව ථූපාරාමය පැරැණි වුවද, මහියංගන දාගැබ හා ගිරිහඬු සෑය ඊට බොහෝ කලකට පෙර තනවන්නට ඇතැයි විශ්වාස කෙරේ. ථූපාරාමය තනවන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. ඉන් පසු උත්තිය රජතුමා විසින් මිහින්තලේ අම්බස්ථල චෛත්‍ය කරවන ලදී. දුටුගැමුණු රජතුමා තැනවූ රුවන්මැලි මහා සෑයෙන් මහාථූප තැනීම ඇරැඹෙයි. වළගම්බා රජතුමා, තැනවූ අභයගිරිය හා මහසෙන් රජතුමා තැනවූ ජේතවන දාගැබ එසේ විකාශනය වූ චෛත්‍යයන්ය. රුවන්මැලි සෑය මහා සෑය නමින් ද හඳුන්වති. ඊට හේතුව වැඩිම සර්වඥ ධාතූන් වහන්සේ, එනම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිදන් කොට තැනවීම නිසා ය.

පසු කලක විශාල චෛත්‍ය ඉදිකිරීම වෙනුවට චෛත්‍යයට අදාළ විවිධ අංග වඩාත් අලංකාර අයුරින් තනවන ලදී. වාහල්කඩ, පේසා වළලු, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොරවක්ගල සහ සඳකඩ පහණ එසේ වරින් වර වෙනස්වීම් වලට ලක්විය. කනිට්ඨතිස්ස රජු අභයගිරියට වාහල්කඩ සතරක් ඉඳිකළ බවක් සෙල් ලිපියක සඳහන් වේ. ගජබා රජුද මීටම වාහල්කඩ සතරක් ඉඳි කළ බව සඳහන් වේ. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ පැරැණිම වාහල්කඩක් ඒ තත්ත්වයෙන්ම දැකිය හැකි ය. චෛත්‍යයක ඇති ප්‍රධාන අංගවල යම්කිසි අර්ථයක් ගැබ්වී ඇත

පදනම – අසූහාර දහසක් ධර්මස්කන්ධය
පේසාවළලු තුන – ත්‍රිවිධ රත්නය
ගර්භය - සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම
හතරැස් කොටුව - චතුරාර්ය සත්‍යය
දේවතා කොටුව - දිව්‍ය ලෝක
කොත් කැරැල්ල – නවාංග සත්ථු ශාසනය
කොත – නිර්වාණය මේ හැර චෛත්‍යයක තිබිය යුතු උපාංග කීහිපයක් ද වෙයි. 1. සලපතල මළුව
2. වැලි මළුව
3. වැලි මළුවේ ප්‍රාකාරය
4. ආයක (වාහල්කඩ)
5. පාද්‍රෝණි 6. තොරණ
7. කොරවක්ගල්
8. හත්ථි ප්‍රාකාරය
9. ථූපඝර
10. කැටයම්
මේ සෑම උපාංගයක්ම සෑම චෛත්‍යයකම අඩංගු නොවේ. මේ උපාංග සියල්ලක්ම අඩංගු එක් ස්ථූපයක් නොමැත. නිදසුන් වශයෙන් වාහල්කඩ සැම ස්ථූපයකම තිබී නැත. ථූපාරාමය හා ලංකාරාමය වැනි ස්ථූපවල නැති අතර රුවන්මැලි සෑය, අභයගිරිය හා ජේතවන දාගැබ්වල තිබී ඇත. එම උපාංගය ක්‍රි.ව. 02 වැනි සියවසේ දී එක්වී ඇති බව පෙනේ. ථූපඝරය ස්ථූපය ආවරණය කිරීමටත්, වන්දනාකරුවන්ගේ පහසුවටත් තනා ඇති අතර වසභ රජු ථූපාරාමයට පසු කලෙක ථූපඝරයක් තනා ඇත. විශාල චෛත්‍යඝර හෙවත් ථූපඝර ඉඳිකර නොමැත. ස්ථූප ප්‍රමාණය පිළිබඳ මූලධර්මවල ඒ ඒ ස්ථූප අංගවල තිබිය යුතු මිනුම් ප්‍රමාණ දැක්වේ. ඒ ප්‍රමාණ මූල ධර්ම අනුව චෛත්‍යයේ මුළු උස කොටස් 24 කට බෙදිය යුතු ය. එම උස පහත සඳහන් ආකාරයට බෙදාගත යුතු ය. පේසා වළලු සඳහා 5 1/2
ගර්භය සඳහා 8
හතරැස් කොටුව 2 1/2
නම් නොකළ අංගයකට 1 1/2 (දේවතාකොටුව විය හැක)
කොත් කැරැල්ල 6
ඡත්‍රය පිණිස 1/2 (පසු කාලයේ දී එක් වූ අංගයක්) මුලු ප්‍රමාණයෙන් 24 ශ්‍රී ලංකාවේ හා වෙනත් රටවල ඇති චෛත්‍ය විවිධ හැඩයෙන් යුක්තය. ප්‍රධාන වශයෙන්ම ස්ථූප වර්ග සය ආකාරයක් ඇති බව සලකයි. ඝණ්ටාකාර ඝටාකාරං - බුබ්බුලාකාර ධාන්‍යකං

පද්මාකාරාම්ල ෂට්විධං මේ පාලි පාඨය අනුව ස්ථූප වර්ග 6 ක් දැක්වේ. 1. ඝණ්ටාකාර
2. ඝටාකාර
3. බුබ්බුලාකාර
4. ධාන්‍යාකාර
5. පද්මාකාර
6. ආමලකාකාර ඝණ්ටාකාර ඝණ්ටාවක හැඩය ඇති චෛත්‍යයයි. ක්‍රි.ව. 08 – 10 සියවස්වල ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රකටව තිබූ චෛත්‍ය වර්ගයයි. ශ්‍රී ලංකාව, බුරුමය හා තායිලන්තය වැනි රටවල මේ චෛත්‍ය වඩාත් ජනපි‍්‍රය වේ. දැනට ඇති බොහෝ චෛත්‍ය මේ ගණයට අයත් වේ.මහියංගණ දා ගැබ, ථූපාරාමය, අම්බස්ථල චෛත්‍යය හා ලංකාරාමය එවැනි චෛත්‍ය කිහිපයකි. ඝටාකාර කළයක හැඩයෙන් යුත් චෛත්‍යයයි. මේ හැඩයෙන් යුත් ධාතු කරඬුවක් වයඹ පළාතේ නිකවෑකන්ද නම් ස්ථානයෙන් සොයාගෙන ඇත. යටාල වෙහෙරද කලින් මේ හැඩයෙන් තිබී ඇතැයි සැලකේ. කතරගම කිරි වෙහෙර සෝමාවතී චෛත්‍යය, සිතුල් පව් දාගැබ සහ මඟුල් මහ වෙහෙර මුලින් ඝටාකාර හැඩයෙන් තිබෙන්නට ඇතැයි සැලකේ. බුබ්බුලාකාර දිය බුබුලක හැඩයෙන් යුත් චෛත්‍යයි. මේ වර්ගයේ චෛත්‍යයද බෙහෙවින් දක්නට ලැබේ. රුවන්මැලි සෑය, අභයගිරිය, ජේතවන දාගැබ, පොළොන්නරු, කිරි වෙහෙර, කතරගම කිරි වෙහෙර, රන් කොත් වෙහෙර, මිරිසවැටිය සහ තිස්සමහාරාමය ඊට උදාහරණයන්ය. ධාන්‍යාකාර ධාන්‍ය ගොඩක හැඩයෙන් යුත් චෛත්‍යයයි. ථූපාරාමය මුලින් තිබී ඇත්තේ මේ හැඩයටය. දැනට ඇති මේ හැඩයෙන් යුත් එකම දාගැබ කැලණි චෛත්‍යයයි. උතුරු මැද පළාතේ ඔත්තප්පුවෙන් මෙවැනි දාගැබක නටබුන් සොයාගෙන ඇත. පද්මාකාර නෙළුම් මලක හැඩයෙන් යුත් චෛත්‍යයයි. දැනට මෙවැනි චෛත්‍ය ශ්‍රී ලංකාවේ නොමැත. දැදිගම කොට වෙහෙරෙහි ධාතු ගර්භයකින් මෙවැනි කරඬුවක් ලැබී ඇත. පොළොන්නරුවේ දෙමළ මහා සෑය හා බුත්තල යුදඟනාවද එම වර්ගයට සමීප වේ. ආමලකාකාර නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුත් චෛත්‍යයයි. ශ්‍රී ලංකාවෙන් නිදසුන් නැත. දෙවැනි අග්බෝ රජු ආමලක චේතිය නම් චෛත්‍යයක ඡත්‍රය කරවූ බව ථූප වංශයේ සඳහන් වේ. දැදිගම කොට වෙහෙරෙන් මෙවැනි හැඩයේ කරඬුවක් ලැබී ඇත. ලෝකයේ ඇති චෛත්‍ය අතර මීට අමතරව ද හැඩයන් වර්ග කිහිපයක් දක්නට ඇත. පලාණ්ඩවාකාර ළූනු ගෙඩියක හැඩයෙන් යුත් චෛත්‍යයයි. නැදිගම්පල චෛත්‍යය මේ වර්ගයට අයත් යැයි සැලකේ. අණ්ඩාකාර බිත්තරයක හැඩයක් ඇති ස්ථූපයයි. රුවන්මැලි සෑයෙන් ලැබුණු කරඬුවක මෙවැනි හැඩයක් ඇත. ඉඳිකටු සෑයේ මේ හැඩයට ආසන්න හැඩයක් ඇත. චතුරශ්‍රාකාර මහායාන රටවල ඇති පැගෝඩා මීට නිදසුන් වේ. පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදයද ඊට උදාහරණයකි. අෂ්ටශ්‍රාකාර අටපට්ටම් හැඩයයි. අනුරාධපුර ප්‍රාචීන පබ්බත විහාරයේ චෛත්‍ය මේ වර්ගයට අයත් යැයි සැලකේ. සිලිණ්ඩරාකාර දඹදිව කුසිනාරා නුවර පරිනිර්වාණ චෛත්‍යය මීට නිදසුනකි. කුඩුම්බිලද මෙවැනි චෛත්‍යයක් ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ජාතුවංගොඩ දම්සක් විහාර මන්දිරයේ ද මෙබඳු හැඩයේ චෛත්‍යයක් ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන චෛත්‍යය කිහිපයක් පිළිබඳ හැඳින්වීමක් මෙසේ දක්වමු. ථූපාරාමය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලදී. උස අඩි 55 කි. අම්බස්ථල චෛත්‍ය - උත්තිය රජු විසින් කරවන්නට යෙදුණි. මිරිසවැටි දාගැබ - දුටුගැමුණු රජු විසින් කරවන ලද මේ චෛත්‍යය මුලදී අඩි 200 ක් උසට තිබී ඇත. රුවන්මැලි සෑය - දුටුගැමුණු රජු විසිනි. උස අඩි 300 කි. අභයගිරි දාගැබ - වළගම්බා රජු විසිනි. උස අඩි 350 කි. ජේතවන දාගැබ - මහසෙන් රජු විසින් කරවන්නට යෙදුණි. දැනට උස අඩි 232 කි. මුලින් අඩි 400 ක් තිබී ඇත. කිරි වෙහෙර (පොළොන්නරුව) - පරාක්‍රමබාහු රාජ බිසව භද්‍රාවතී දේවිය විසින් කරවන ලදී. පබළු වෙහෙර (පොළොන්නරුව) – රූපාවතී බිසව විසිනි. රන් කොත් වෙහෙර (පොළොන්නරුවේ රුවන්මැලි සෑය) - නිශ්ශංක මල්ල රජු විසිනි. උස අඩි 186 කි. මහියංගණය - බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට සම දෙවියන් සත් රියන් උසට තනා ඇත. සරභූ මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ගි‍්‍රවා ධාතුව තැන්පත් කොට 12 රියන් උසට තනා ඇත. උද්ධ චූලාභය රජු 30 රියන් උසටත්, දුටුගැමුණු රජු 80 රියන් කොටත් තනා ඇත. ගිරිහඬු සෑය - බුදුන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කොට තපස්සු, භල්ලුක වෙළෙඳ සොයුරන් විසින් තැනූ බව විශ්වාස කරති. ලංකාරාමය - වළගම්බා රජු විසිනි. කැලණිය - යටාලතිස්ස රජු විසිනි. තිස්සමහාරාමය - යටාලතිස්ස, ගෝඨාභය (මාගම) යන රජවරුන් තනවා ඇති අතර කාවන්තිස්ස රජු විශාල කර ඇත. සේල චෛත්‍යය - ලංජතිස්ස රජ විසිනි. කතරගම කිරි වෙහෙර - මහසෙන් රජ විසිනි. යටාල දාගැබ - මහානාග රජු විසින් කරවන්නට යෙදුණි. දීඝවාපි චෛත්‍යය - සද්ධාතිස්ස රජු විසිනි. කණ්ඨක චෛත්‍යය - ලංජතිස්ස රජු විසින් කරවන ලදී. යුදඟනාව - රත්නාවලී බිසව විසිනි.

Wednesday, October 24, 2012

දේවමත කරෙන් බෙල්ලෙන් එල්ලාගෙන පල්ලි කෝවිල් තනන දේශ පාලකයන් කරගන්නා පවු!


අද සිංහල බෞද්ධයා මරණින්දේය. හතු පිපෙන්නා සේ සැම තැනම පල්ලි කෝවිල් ඉදිවෙමින් පවතී. දේශපාලකයෝ විශාල පිරිසක් තම සිංහල බෞද්ධකම පසෙකලා අඩුම තරමින් වර්ෂයකට එක හරෙකු හෝ උරෙකු තම දෙවියන් උදේසා ඝාතනය වන ආගමික සත්ව ඝාතනාගාර රාජ්‍ය මට්ටමින් ඉදිකිරමින් යයි. (යම්කසි ආගමික තැනක සතුන් මැරීම සිදු කරයි නම් අප සිංහල බෞද්ධ දැක්ම වන්නේ එය ආගමික 
සත්ව ඝාතනා ගාරයක් බවයි). පුදුමයට කාරනයනම් පළමුවෙන් තෙරුවන් නැමද පන්සල් ගොස් බණ අසා දෙවනුව මහා පල්ලි විවෘත කොට, අමුතු මාදිලියේ ඉතිහාස කතා ඇතුළත් කර, අප මවු රට විවධ කොන වලින් ඩෑහෑ ගැනීමට මාන බලන ලංකාව තුළම ජන්මය ලත් නමුත් තම සහෝදර මහජාතිය (මහා ජාතිය සුළු ජාතියට සහෝදරයෙක් වුයේ තම ඉඩම් කඩම් බව බෝග නිකරුණේ ලබාදී තම භාර්යා සම්පතද සරණ පවා දීමට කිසිම මිල මුදලක් අපේක්ෂා නොකළ නිසයි) කීප විටක්ම ඉතිහාසයේදී හා මෑත භාගයේදී අසරණ කෙරු විජාතින් ඉහළින් ඔසවා තබා කතා කිරීමයි.
සිංහල බෞද්ධ වන අප ඉතා කණගාටුවෙන් පවසන්නේ හෙළ බෞද්ධ කරුණාව යටතේ සිටින තිරිසන් ආත්ම ඇති නමුත් මිනිසුන් අතින් නිකරුණේ මැරුම් නොකන, පෙර පවට තිරිසන් වී ඉපදුණත් යම්කිසි යහපත් කර්ම බලවේගයක බලයෙන් අප බොදු ලක්බිම ඉපදුන යම්තාක් දුරකට පින් ඇති අහිංසක නිරී සතුන් මරාකන මර්මස්ථාන ඉදිකරීමට සිංහල බෞද්ධ යැයි කියාගන්නා දේශ පාලකයන් ඉදිරිපත් වීම අපේ ජාතියටද අහිංසක තිරිසනා ටද ගැසූ හෙණයක් බවයි.
ඔවු මේ වර්ෂ 2012 නමුත් අකාලික වූ බුදුබණ අමතක කරමින් සිංහල අපි කරන පවු අලුත් ලෝක (මෝඩර්න් වොර්ල්ඩ් අයි) ඇසෙන් වසා ගත හැකිද?. නැතිනම් අපි පල්ලි කෝවිල් ඉදිකළ පලියට අපිට‍ පන්සල් සදා දීමට විජාතින් විසින්ඉදිරිපත් වෙයිද? අරාබියේ ඇති පුණ්ණසිවානු භික්ෂුන් වහන්සේගේ පන්සල (මක්කම) වැදීමට හෝ එය ළගින් අඩුම තරමින් කුඩා බුදු පිළිමයක්වත් තැන්පත් කිරීමට අවසරයක් ලැබේවිද?. රජතුමා අවසර දුන්නත් ආගමික පුජකයන් එසේ කිරීමට ඉඩ දෙයිද? වතිකානුවේ භුමියේ පන්සලක් සාදා ගැනීමට ඉඩම් කැබැල්ලක් (අඩුම තරමින් මතු නිවන් දැකිමටවත්) ලබා දෙයිද?. නැත… දේව වාදීන් සැමදා තම දේවියගේ මතයට ගරුකරයි. ලොවුතුරා බුදුන් අදහන අප මෙය පාඩමකට ගත යුතුය.
සිංහලයන් තම පෞර්ෂත්වය හා තම ජාතික අභිමානය හදා වඩා ගැනීමට කාලය පැමිණ ඇත. (නොදැන හෝ පස් පවු නොකිරීමට) දේශ පාලකයන්ට තම කොන්ද පණ නැතිවෙන විට විවිධ නැටුම් කළ හැක. නමුත් සිංහල අප මේවා රාජ්‍ය මට්ටමින් හෝ, පන්සල් මට්ටමින් හෝ, ගම් මට්ටමින් හෝ පුද්ගලික මටමින් හෝ අනුමත නොකළ යුතු කටයුතුය. ඒ ඇයි කිවහොත් අප අනාගත දු දරුවන්ගේ නිදහස් නිවහල් උරුමයන් විනාශ කිරීමත් ඔවුන්ව සියුම්ව අපාගත කිරීමට විවිධ ක්‍රම වේදයන් ප්‍රසිද්ධ යැයි කියාගන්නා සිංහල බුද්ධිමතුන් ලවාම ප්‍රසිද්ධ කිරීමයි. උරෙකු, එළුවෙකු, බැටළුවෙකු, හරකෙකු, තම අවසාන ගමන් මග එනම් මරණය ලගා කරගන්නේ පල්ලිය හෝ කෝවිල තුළ දෙවියෙක් වෙනුවෙන්නම් එය මිනිසා විසින් තම බඩ වියත රැකගැනීමට කරනා නින්දිත ක්‍රියාවක් බව අප වටහා ගත යුතුය . එය සසර තියෙන තුරු පලදෙන අකුසල කර්මයකි.
යම්කිසි කෙනෙකු රජෙක් විය හැක, නමුත් රජා උන පලියට තම රටේ තිබෙන විවිධ ආගමික මත නිසා විවිධ පල්ලි සදා තමනුත් නොදැනුවත්වම පවු ගොඩ ගසා ගැනීම අනවශ්‍යය. බුද්ධිමත්ව ක්‍රියා කොට යාග හෝම වලට සහභාගි නොවී පවු කරන මිනිසාද අවසනයේ හැකිනම් පවු කරන දෙවියාද පාපයෙන් ගලවා ගැනීමට ක්‍රියා කිරීම සිංහල රජෙකුගේ අපේක්ෂාව විය යුතුය. එය බුද්ධිමත් රජෙකුගේ ක්‍රියා කලාපයයි.

සියුම්ව දේශපාලනය ඔස්සේ පැලපදියම් වන ආගමික දේවස්ථාන දෙස ඇස් කන් යොමු කර බලා සිටිමු !


පුර්ව ඓතිහාසික යකඩ යුගය


ඓතිහාසික වාර්තා අනුව නගරයේ ආරම්භය ක්‍රි.පු 5 වන සියවසේ පමණ සිදුවී ඇතැයි සදහන්‍ වෙයි. එහෙත් පුරාවිද්‍යා දත්ත අනුව එය ක්‍රි.පු. 10 වෙනි ශත වර්ෂය දක්වා දිවයයි. පුරාවිද්‍යාත්මක කැණිම් වලින් මනුෂ්‍යවාසය පිළිබද කරැණු හෙල
ිවන නමුදු ක්‍රි.පු. 5 වන සියවසෙන් එපිට (ප්‍රාග් ඓතිහාසික) කාලය පිළිබදව සාක්ෂි ඇත්තේ ඉතා සුළු වශයෙනි.
අනුරාධපුරයේ කරන ලද වැඩිදුර කැණිම් වලදී නගරය හෝ නගරය අසල ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පැවතුන බව අනාවරණය වී ඇත. ක්‍රි.පු. 900 - 600 අතර කාල පරාසය තුල ප්‍රාග් ඓතිහාසික යකඩ යුගයේ, යකඩ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අශ්වයින්, ගෘහාශ්‍රිත ගවයින්, වී වගාව පිළිබද ලකුණු පෙනෙන්නට තිබේ. ක්‍රි.පු. 700 - 700 වකවානුවේ අනුරාධපුරයේ ජනාවාස හෙක්ටයාර් 50 ක පමණ ප්‍රමාණයක් දක්වා වර්ධනය වී ඇත. වයඹින් හා ඊසාන දිගින් ප්‍රාධාන වරායන් තිබීමත් වාරි පහසුකම් සහිත සරැ සාර භූමියක් නගරය වටා තිබීමත් හේතුවෙන් නගරය සුභ කටයුතු වලදී ආරක්ෂිත විය. ආක්‍රමණිකයන්ගෙන් බේරීමට ස්වාභාවික රැකවරණය සලසමින් නගරය ඝණ වනාන්තරයෙන් වට වී තිබුණි.
ඓතිහාසික මුල් යුගය ක්‍රි.පු. 500 - 250 අතර කාල සීමාව වංශකථා අනුව අධ්‍යනය කර තිබේ. මෙම කාල සීමාවේ පණ්ඩුකාභය රජු ද්වාරයන්, වාණිජ මධ්‍යස්ථාන ආදී අංග ඇතුලත් කරමින් ක්‍රමවත් නගර සැළසුම් කළේය. නගරය වර්ග කි.මී 1 ක පමාණයක පැතිර තිබු අතර එය මාහාද්වීපය තුල එකල ඒ වර්ගයේ විශාලතම නගර වලින් එකක් ලෙස සැළකුනි.


ආදි මානවයා ගැන කියන පාහියන්ගල ලෙන් විහාරය

වසර තිස් දහසක තරම් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන පාහියන්ගල ලෙන් විහාරය කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල යටගම්පිට නම් සුන්දර ගමෙහි පිහිටා ඇත.ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත්වූ මානවයාගේ ජනවාසයක් වී ඇති ම
ෙම ලෙන තුන්දහසක පමණ පිරිසකට සිටිය හැකි තරම් විශාලය. මෙම ලෙනෙහි උස අඩි 175ක් පමණ වන අතර පළල අඩි 150ක් පමණ වේ.මෙම ලෙනට පාහියන්ගල යන තම ලැබුණු ආකාරය ජනප‍්‍රවාදයේ දෙයාකාරයකින් සදහන් වේ. ඉන් එක් මතයක් නම් අතීතයේ මෙම ප‍්‍රදේශයේ මායිම්ගලක් තිබී ඇති අතර මායිම්ගල යන්න පසු කාලයේ දී පාහියන්ගල වූ බවය. අනෙක් මතය වන්නේ කි‍්‍රස්තු වර්ෂ පස්වන සියවසේ ලංකාවට වැඩම කළ චීන භික්ෂුණ් වහන්සේ නමක් වූ පාහියන් නම් හිමි ශී‍්‍ර පාදය වැඳීමට යන ගමනේ දී මෙම ගල් ලෙනේ වැඩ වාසය කර ඇති අතර එහෙයින් මෙම ලෙන පාහියන්ගල යනුවෙන් ප‍්‍රසිද්ධ වු බවයි. (නමුත් මෙම මතය සනාථ කිරීම සඳහා පවතින පුරා විද්‍යාත්මක සාක්ෂි දුලබය.)
1986, 1987 කාලවලදී මේ ලෙන තුළ පර්යේෂණ කැනීම් සිදු කර ඇති අතර ලෙනේ අඩි තිහක් පමණ යටට පමණක් කැනීම් සිදුකර ඇත. මෙම කැනීම්වලදී ඒ කාලයේ මිනිසුන් ආහාරයට ගත් සතුන්ගේ ඇට කටු සහ ඔවුන් භාවිතා කළ ගල් ආයුධ ද සොයා ගෙන ඇත. මෙහිදී ඉත්තෑවන්, ඌරු මීයන්, මුවන්, ගස් ගොළුබෙල්ලන් ආදී සතුන්ගේ ඇට කටු හමුවී ඇත. මේ ලෙනේ අනෙක් පැත්තේ කළ කැනීම්වල දී හිස්කබල්, ඇටකටු, අඟුරු, බෙලි කටු, ගල් ආයුධ ද හමුවී තිබේ. මෙම හිස් කබලේ ඇට ගුරුගල්වලින් වර්ණවත් කර තිබීමක් දක්නට ලැබේ. මෙම වර්ණ ගැන්වීම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ කිසියම් ඇදහීමක් මත කරන ලද යාතු කර්මයක් ලෙසින් සැලකේ.එවගේම පැරණි ගල් ආයුධ, කෑමට ගන්නා ලද සතුන්ගේ ඇට කටු අඟුරු මෙහි ප‍්‍රදර්ශනයට තබා ඇත. පාහියන්ගල ලෙන් විහාරයේ මහනුවර යුගයට අයත් බුදු පිළිමයක් හා දේව ප‍්‍රතිමාවක් ද එම යුගයට ම අයත් සිතුවම් ද දැකගත හැකිය.දකුණු ආසියාවේ ඇති ඉතා පැරණිතම ලෙන වන මෙය විශාලත්වය අතින්ද විශේෂත්වයක් දරයි. වර්තමානයේ ලෙන පිහිටි විශාල පර්වතය මත සිරි පතුලක් ද සාදවා පුද බිමක් ලෙස රැකගනිමින් පවතී. අක්කර හැත්තෑවක පමණ රක්ෂිත වනයක් වු මෙම ප‍්‍රදේශයේ දුර්ලභ ගණයේ වෘක්ෂලතා සහ කුරුලු වර්ග දක්නට ලැබීම විශේෂත්වයකි. ඓතිහාසික වශයෙන් මෙන්ම ස්වාභාව සෞන්දර්ය අතින්ද ඉතා වැදගත් මෙම පාහියන්ගල ලෙස අනාගත පරපුර උදෙසා රැකදීම වර්තමානයේ වෙසෙන කාගේත් වගකීමකි. යුතුකමකි.


බ්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියා ඇති පැරණි ශිලාලේඛන වර්ග


බ්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියා ඇති පැරණි ශිලාලේඛන වර්ග ප‍්‍රධාන වශයෙන් හතරකි. ඒවා මෙසේය.1. ලෙන් ලිපි - CAVE INSCRIPTIONS (කේව් ඉන්ස්කි‍්‍රප්ෂන්ස්)2. ගිරි ලිපි - ROCK INSCRIPTIONS (රොක් ඉන්ස්කි‍්‍රප්ෂන්ස්)3. ටැම් ලිපි - PILLAR INSCRIPTIONS (පිලර් ඉන්ස්කි‍්‍රප්ෂන්ස්)4. පුවරු ලිපි - SLAB INSCRIPTIONS (සලැබ් ඉන්ස්කි‍්‍රප්ෂන්ස්)
ලෙන්ලිපි මේ ශිලාලිපිවලට ලෙන
් ලිපි කියා ව්‍යවහාර කරන්නේ ඒවා පැරණි ලෙන්වල (ගල්ගුහාවල) ලියා ඇති නිසාය. මේ ලෙන් ලිපි බොහෝ විට ලියා ඇත්තේ ලෙනේ ඇතුළු වන දොරටුවට ඉහළිනි. දොරටුව හෝ එම ලෙනේ ඉදිරිපස ඉහළින්ම ඈතට පෙනෙන ලෙසින් මේ අකුරු කොට ඇත. අප රටේ හමුවන පැරණිම අකුරු මේ ලෙන් ලිපිය. පැරණි ගල්ලෙන්වල මේ ලෙන්ලිපි කෙටුවේ තනිකරම ගලේ නොවේ. ඒ ශිලාලිපි කෙටීමට පෙර ඒ සඳහා එම ලෙනේ ඉහළින් තවත් විශේෂ වැඩක් ගල් කටුවෙන් කර ඇත. ලෙන් ලිපි ලිවීමට පෙර මෙසේ ගල් ගුහාවේ ඉහළින් රූරා ගෙන ගල්ගුහාව තුළට වැසි කාලයේ දී වතුර ගලා බැසීම වැළැක්වීමට කොටන ලද එය කටාරම් කෙටීම ලෙසින් හැඳින්වේ. මේ කටාරම මත අකුරු කෙටීම සිදුකර ඇත. මේ කටාරම් කොටන ලද සෑම ලෙනකම අකුරු දකින්නට නැත. එම නිසා මේ කටාරම කොටා ඇත්තේ අකුරු ලිවීම සඳහාම යැයි කිව හැකි නොවේ. මේ කටාරම මත ලියන ලද ලෙන් ලිපි අදත් මේ දැන් ලියන ලද අකුරු මෙන් සමහර ලෙන් ලිපි ඉතා පැහැදිලිව දැකිය හැකිය.
ලෙන් ලිපි වලින් කියැවෙන්නේ කුමක් ද?මුල්ම කාලයේ එනම් බුද්ධාගම ලංකාවට රැගෙන වැඩම කළ මිහිඳු මහරහතන්වහන්සේ ගේ කාලයේ සිට (කි‍්‍රස්තු පූර්ව 3 වැනි සියවසේ සිට) භික්‍ෂුන්වහන්සේලා වාසය සඳහා ගල්ලෙන් සකස් කර දුන් ආකාරය මහාවංසයේ ද සඳහන් වෙයි. දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳු මහ රහතන්වහන්සේ ඇතුළු භික්‍ෂූන්වහන්සේලා හැටඅට නමක් සඳහා මිහින්තලේ ගල් ලෙන් සකස් කර දුන් අයුරු මහා වංසයේ සඳහන් වෙයි. ඒ ලෙන් අටසැට ලෙන් ලෙසින් ප‍්‍රසිද්ධ ව ඇත. එම ලෙන් මිහින්තලයට ගිය විට ඔබට අදත් දැකගත හැකිය. මුල් කාලයේ දී මෙම ලෙන් භික්‍ෂූන් වහන්සේලාට පූජා කළ බැව් ඒ ඒ ශිලාලිපි වලින් ප‍්‍රකාශ කර ඇත. සංඝයාවහන්සේලාට පූජා කරන ලදී යන්න බ‍්‍රාහ්මී අකුරු වලින් ලියා ඇත්තේ සගස දිනෙ යනුවෙනි. අගන අනගත සගස දිනෙ - යනුවෙන් පසුව එම වාක්‍යය දිගට ලියා ඇත. එහි අදහස නම් පැමිණි නො පැමිණි සංඝයා වහන්සේලාට පූජා කරන ලදී යන්නයි. අගත අනගත චතුදිස සගස දිනෙ යන්නෙන් ද මෙම ලෙන් ලිපිවල ලියා ඇත. එහි තේරුම සතර දිසාවෙන් පැමිණි නො පැමිණි භික්‍ෂුන්වහන්සේලාට පූජාකරන ලදී යන්නය. මේ අනුව මෙම ලෙන් ලිපි ඉතාමත් කෙටිය.
ගිරි ලිපි පිහිටි ගල් වල විශාල පර්වත වල ලියන ලද ශිලා ලිපිද තවත් වර්ගයකි. මෙසේ පිහිටි ගල්වල ලියන ලද සෙල් ලිපි කියා කියන විට ලෙන් ලිපිත් පිහිටි ගලේම තිබෙන ලිපි නොවේදැයි ඔබේ සිතට ප‍්‍රශ්නයක් මතුවෙයි. ඔව් ඒවා ලෙන්වල සඳහන් නිසා ඒ ලිපි ලෙන් ලිපිය. එසේ නම් පර්වත ලිපි වලයි ලෙන් ලිපිවලයි වෙනස කුමක්ද?පර්වත ලිපි ලියා තිබෙන්නේ කිසියම් පර්වතයක පිහිටි ලෙනක නොවේ. එය විශාල ගලක ලියා ඇති ශිලා ලිපියකි. උදාහරණ ලෙසට සඳහන් කරතොත් තෝනිගල හා අම්පාර දිස්ති‍්‍රක්කයේ ඇති රජගල වැනි ස්ථානවල ඇති පිහිටි ගලේ කොටා ඇති ලිපිවලට ගිරි ලිපි යන නාමය යොදනවා. පොළොන්නරුවේ ගල් විහාරයේද මෙවැනි ගිරි ලිපියක් දක්නට ලැබෙනවා.
ටැම් ලිපි ශිලා ලිපිය ගල් කණුවක ලියා ඇති ස්ථාන ද දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ශිලා ලිපිය ලිවීම සඳහා සකස් කරන ලද ගල් කණුවක සමහර විට රැගල් ගසා ලියූ අවස්ථාද දකින්න ලැබෙනවා. බොහෝ ටැම් ලිපි සතර පැත්තේම ලියා තිබෙනවා. මේවාට ටැම් ලිපි කියා කියනවා. ටැම් ලිපි පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තමයි යම් යම් විහාර ස්ථානවලට දෙන ලද දීමනා පිළිබඳව තමයි ටැම් ලිපි වල ලියල තියෙන්නේ. ලෙන් ලිපි හා ගිරි ලිපි ලියල තියෙන්නේ ඉතා පැරණි කාලයේදීයි. නමුත් පසුකාලයේ ලියූ ගිරි ලිපිත් තියෙනවා. වැඩි ගණනක් ලෙන් ලිපි හා ගිරි ලිපි ඉතාමත් පැරණියි. නමුත් ටැම් ලිපි බොහෝ ගණනක් ලියා තිබෙන්නේ කි‍්‍රස්තු වර්ෂ අට නමය දහය යන සියවස් වලදීයි.මේ ටැම් ලිපි වල බොහොමයක දකින්නට ලැබෙන තවත් ලක්ෂණයක් ඔබට මෙහිදී මතක් කර දීමට අවශ්‍යයි. ඒ බොහෝ ටැම් ලිපිවල ඒ ටැම් ලිපිය නිකුත් කළේ කවදාද කවුද කොහේදීද කාටද නැත්නම් කුමන ආයතනයකට කියන කාරණයත් පැහැදිළිව ලියල තිබෙනවා. මේ ටැම් ලිපි ඒ අනුව බලන විට දැන් කාලේ රජයේ ගැසට් නිවේදන වගේ කියල කියන්නත් පුලුවනි. ටැම් ලිපිවල විතරක් නෙමෙයි සමහර පුවරු ලිපි වලත් ඒ විදිහට ඒ ලිපිය නිකුත් කළ දිනයත්. ඒ නිකුත් කළේ කාටද කියන කාරණයත් සඳහන් වෙනවා.මේ ටැම් ලිපි වලින් බොහෝ ටැම් ලිපි වල දකින්න ලැබෙන තවත් දෙයක් තමයි බල්ලන්ගේ සහ කපුටන්ගේ රූප. මෙයින් කියැවෙන්නේ යම් යම් පුදබිම්වලට දුන්නු දීමනා වලට බාධා කරන අය ඊළඟ ආත්මයේදී බල්ලන් හෝ කපුටන් ලෙසින් උපත ලබන බව හැඟවීමයි. ඒ රූපවලින් විතරක් නෙවෙයි වචනයෙනුත් ඒ බව ලියල තියෙනවා. මේ විදිහට බලන විට අද රූපවාහිනියෙන් රූප මගින් පෙන්නුම් කරනවා වගේම එදා ශිලා ලිපි වලිනුත් කිසියම් පණිවිඩයක් ජනතාවට දුන්නු බවක් මෙයින් පැහැදිලි වෙනවා. ටැම් ලිපිවල එසේ බල්ලන්ගේ හා කපුටන්ගේ රූප කොටා ඇති අන්දම ඔබට මෙහි ඇති ටැම් ලිපි ඇතුළත් ඡායාරූප වලින් වඩා හොඳින් පැහැදිලි වනු ඇත. මෙවැනි ටැම් ලිපි කීපයක නම් මෙසේ සඳහන් කළ හැකියි.කල්ලම් පත්තුව ටැම් ලිපිය,හතරවන කස්සපගේ අභයගිරි ටැම් ලිපිය,බුද්දන්නෙ හෙළ ටැම් ලිපිය,මලඟනේ ටැම් ලිපිය, හාහෝපිටිගමු ටැම් ලිපිය මෙයින් කීපයකි.මීට අමතරව ඉර සහ සඳ ද මේ ඇතැම් ටැම් ලිපිවල කොටා ඇත. එම ආරාමවලට හෝ පුද්ගලයින්ට දුන් දීමනාවන් ඉර හඳ පවතිනා තාක් කල් ස්ථිරවම දිගුකාලයක් තිස්සේ දිය යුතු බවත් අයිති බවත් ප‍්‍රකාශ කිරීම තමයි එයින් අදහස් වන්නේ. මේ ටැම් ලිපි වලින් ඒ කාළේ රජවරුන්, රජයේ නිලධාරීන් හා පාලන ක‍්‍රමය ගැනත් සමාජයේ යම් යම් පුද්ගලයින් ගැනත් අපට බොහෝ තොරතුරු ඉගෙනීමට හැකිය. ලෙන් ලිපි හා අනෙකුත් සෙල්ලිපි වලින්ද ඒ කාලවල තොරතුරු ලබා ගත හැකි වෙනවා.
පුවරු ලිපි පුවරු ලිපිත් ටැම් ලිපි වගේමයි. නමුත් මේ පුවරු ලිපි ගල් ටැඹක් වාගේ නොවේ. ඒවා විශේෂයෙන්ම පිළිවෙළ කරපු ගල්පුවරු වල තමයි ලියල තියෙන්නේ. මේනිසා තමයි මේවාට පුවරු ලිපි කියල කියන්නේ. ගල් පුවරුවක් හෙවත් ගල්ලෑල්ලක ලියල තියෙන මෙවැනි ශිලා ලිපි අපට හුඟක් ලැබෙනවා. මිහින්තලේ ගල්පුවරු වල ලියා තියෙන සෙල්ලිපි දෙකක් ඔබට දැකගත හැකියි. පොළොන්නරුවේ ශිව දේවාලයේත්, අනුරාධපුරයේ ථූපාරාමයේත් මේවාගේ පුවරු ලිපි දකින්න ලැබෙනවා. ප‍්‍රධාන වශයෙන්, ශිලා ලිපි මෙහෙම කොටස් හතරක් විදිහට බෙදා දැක්වූවත් ඒවා විවිධ අන්දමින් ගල්වල ලියා ඇති අවස්ථා දකින්න ලැබෙනවා. ගල්වල ලියා ඇති මේසියලුම ලිපි වලට කියන්නේ ශිලා ලේඛන කියලයි. මෙයින් ඉතාම පැරණි ශිලා ලේඛන තමයි ලෙන් ලිපි. ඒ ලෙන්ලිපි ලියල තියෙන්නේ බ‍්‍රාහ්මී අකුරුවලින් කියල අපි මීට ඉහතදීද ඔබට විස්තර කළෙමු. ඒ අකුරු බ‍්‍රාහ්මී උනත් ඒ අකුරු වලින් කියැවෙන භාෂාව ආදීම සිංහල හෙවත් පැරණිම සිංහල කියල කියනවා. මූල සිංහලය කියලත් කියන්නේ මේ භාෂාවටයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ ශිලා ලේඛන පිළිබඳ ලියැවුණු පොත් පත් රාශියක්ම තිබෙනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ ශිලා ලේඛන ගැන ලියා ඇති පොත් පෙළ සඳහන් වෙන්නේ එපිග‍්‍රැෆියා සිලනිකා EPIGRRAPHIA ZEYLANICA යන නාමයෙනුයි. මේ ඉංග‍්‍රීසි පොත් I, II, III, IV, V, VI වශයෙන් කොටස් කීපයක් ම දක්නින්න ලැබෙනවා. මේ පොත් සියල්ල වාගේ තව කලකින් ඔබට සිංහල භාෂාවෙන්ද කියැවීමට අවස්ථාව සැළසෙනවා.


ශ්‍රී ලාංකීය ඉතිහාසය



පුරාවිද්‍යාත්මක සාධක සහ සිංහල වංශකතා ඇසුරින් වසර දසදහසකටත් වඩා පැරණි ලාංකීය ඉතිහාසය පිළිඹඳ පුරෝකථනය කල හැක.
ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පැරණිතම ශිෂ්ඨාචාරය පිළිඹඳ පුරාවිද්‍යා සාධක හමුවන්නේ බලන්ගොඩිනි.ඔවුන
් මීට අවුරුදු 34000 කට පමණ පෙර සිට දඩයම් කරමින් (මෙසොලිතික දඩයම් කරුවන් ) ගල්ගුහාවල ජීවත් වී ඇත.මෙවැනි ගුහා කිහිපයකින් ( බටදොඹ ලෙන හා පාහියංගල වන සෙනසුන )ලංකාවේ මෙම ආදිතමයින් පිළිබඳ සාධක ලැබී ඇත.මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න සොයාගනු ලැබීයැයි සැලකෙන සඳකැළුම් ජනතාව විසින් වගා කිරීම සඳහා හොර්ටන් තැන්න ගිනි තබා ඇති බවට සාධක ලැබී ඇති අතර ක්‍රිස්තුපූර්ව 15000 ටත් පෙරතුව සිට ඔවුන් විසින් බාර්ලි සහ ඕට්ස් වගා කර ඇති බවට තහවුරු වී ඇත.එමගින් ලංකාවේ එවක කෘෂිකර්මාන්තය දියුණු ලෙස පැවති බව පිලිගත හැක.ක්‍රිස්තු පූර්ව 6000 ට ඉහත මෙසොලිතික යුගයට අයත් සෙන්ටිමීටර 4 පමණ දිගින් යුත් කුඩා ග්‍රැනයිට් ආම්පන්න, මැටි බඳුන්, දැවී ගොස් ඉතිරි වූ දැව කැබලි සහ භූමිදානය සඳහා තිබුණු මැටි බඳුන් කලටුවාව, වාරණ රජ මහා විහාර ආශ්‍රිත කැණීම්වලින් හමුවී ඇත.
ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක.

ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක. එමෙන්ම බයිබලයේ සඳහන් වන සුප්‍රසිද්ධ වෙලඳ නගරයක් වන ටාර්ෂිෂ් (Biblical Tarshish)නගරය දැනට ගාල්ල නගරය විය හැකි බව පුරාව්ද්‍යාඥ ජෝන් එමර්සන් ටෙනට් විසින් පෙන්වා දී ඇත.

දකුණු ඉන්දියානු මුල්ම ශිෂ්ඨාචාරයන් හමුවනුයේ ක්‍රිස්තුපූර්ව 1200 තරම් ඈතකදීය අනුරාධපුර රාජධානියේ මුල් පදිංචිකරුවන් පිලිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 800-1000 තරම් ඈතකට විහිදෙන බව ( පොසෙල් 1990; දැරණියගල 1992:734) කාබන් පරීක්ෂා මගින් තහවුරු වී ඇත.නූතන පරීක්ෂණ මගින් මෙම අගය තවදුරටත් වෙනස් වීමට ඉඩ ඇත.ක්‍රිස්තුපූර්ව 900 වන ශතවර්ෂයේ පමණ ඉදිකරන ලදැයි විශ්වාස කල හැකිහෙක්ටයාර 15 ක නගර සංකීර්ණයක් අනුරාධපුරයෙන් හමුවුන පසු ඒ පිලිඹඳ තවදුරටත් කැණීම් කිරීමේදී එය හෙක්ටයාර 50 දක්වා ක්‍රිස්තුපූර්ව 700 ශතවර්ෂයේදී පමණ වර්ධනය කර ඇති බව පෙනී ගොස් ඇත. මේ හා සමාන සංකීර්ණයක් සීගිරිය අලිගලින්ද හමුවී ඇත.

දැනටත් ශ්‍රී ලංකාවේ ඌව,මධ්‍යම හා ගිණිකොණ ප්‍රදේශවල වාසය කරන වන්නිල ඇත්තෝ නමින් හඳුන්වන වැද්දෝ සෘජු ලෙසම ලංකාවේ ආදිතමයින්ගෙන් පැවත එන බවට විශ්වාසයක් පවතී. තවද ඔවුන් ඉන්දියානු උපමහද්වීපයෙන් හෝ එවකට ජනාවාසව පැවති අප්‍රිකාවෙන් පැවත එන ලදැයි විශ්වාස කරයි.

ක්‍රිස්තුපූර්ව 500 පමණ සිට ලංකාව තුල ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයක් දියුණු වීමත් සමග ඉදිකිරීම් කර්මාන්තයේ නව ප්‍රවනතාවයක් ඇතිවූ අතර මහා වැව්, වෙනත් ජලාශ ඇතුළු වාරිමාර්ග සමග බුදුදහමේ ආභාෂයත් සමග ඉදිවූ පිරමිඩාකාර ඉදිකිරීමක් වන ස්ථූප හෙවත් දාගැබ්ද ප්‍රමුඛතාවයක් ගනී.ක්‍රිස්තුපූර්ව 400 දී පමණ විජයසිංහල ජාතිය ඇතිවීයැයි සැලකෙනුයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. බුදුරජානන් වහන්සේගේ තෙවරක් සිදුවූ ලංකාගමයත් සමග ලංකාවේ එවකට පැවති ගෝත්‍රවල සියළු රජවරු බුදුරදුන් හමුවීම සිදුවිය.

ලංකාවේ සිංහල ජනගහනය 70% පමණ වන අතර ඉතිරියෙන් බහුතරය දෙමල ජාතිකයින් වෙති.දීපවංශයට හා මහාවංශයට අනුව විජයට පෙර ලංකාවේ ස්වදේශිකයින් ලෙස යක්ෂ, නාග, හා දේව ගෝත්‍ර පැවතී ඇත. ලේඛන කලාව පිළිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 600 දී පමණ බ්‍රාහ්මී අකුරු කොටා ඇති මැටි බඳුන් මගින් සනාථ වී ඇත. ඇතුළු ඉන්දු ආර්යයින් ලංකාවට සංක්‍රමණය වන අතර එතැන් පටන් ලංකාව තුල ඉන්දු මිශ්‍රිත ශිෂ්ඨාචාරයක් බිහිවීම ආරම්භ වුනි .

සිවුර හා ගිහි ඇඳුම්



අප ඇඳුම් අඳින්නේ ඇයි ? යන ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් විය හැකිද ? විළි වසා ගැනීමට යැයි ඔබ අතුරින් බොහෝ දෙනෙකුගේ පිළිතුර වනු ඇත. එහෙත් එම පිළිතුර සම්පූර්ණ එකක් නොවේ. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ‘මිනිසා ඇඳුම් අඳින්නට වූයේ ලැජ්ජාව නිසා විළි වසා ගැනීමට නොව, ඇඟ උණුසුම් කර ගැනීමට ‘ බව සඳහන් කරයි.ඔහු මෙහිලා හෝකර්ට් දැක්වූ අදහසක් ද ගෙන හැර පායි.ඇස්කිමෝවරු ශීතලෙන් ආ
රක්ෂා වීමට ගෙයින් පිටත දී ඇඳුම් ඇඳ ගෙතුළ දී ඇඳුම් උනා නග්නව සිටිති, යැයි පවසයි.මාර්ටින් වික්‍රමසිංහයන් අපරදිග වියතකුගේ අදහසක් ඉස්මතු කොට දැක්වූවත් ඇඳුම් අඳින්නේ ඇයි ද යන්නට බුදු සමයේ මතය නොදැන සිටීම පුදුමයට කරුණකි.
මිනිසාගේ මූලික අවශ්‍යතා හතර ලෙස පෙන්වා දෙන සිව්පසයේ ඇඳුම ප්‍රධාන අංගයකි.චීවර,පිණ්ඩපාත,සේනාසන,ගිලානප්‍රත්‍ය යනුවෙන් පැවිද්දාගේ සිව්පසය ගිහියාගේද පොදු අවශ්‍යතාවයන් වේ.චීවරය පැවිද්දාගේ සරල ඇඳුමක් වන අතර, ගිහි ජනතාවගේ ඇඳුම විවිධ වර්ණ හා මෝස්තර වලින් යුක්ත වේ.පැවිද්දා විසින් සිව්‍ර පෙරවීමේදී නිතර මෙනෙහි කල යුතු ප්‍රත්‍යාවේක්ෂාවක් වේ.එම ප්‍රත්‍යාවේක්ශාවෙන් ඇඳුමක් අඳින්නේ ඇයි ද යන්න විවරණය වේ.
භික්ෂුවක් සිවුර පොරවන අවස්ථාවේදී සිහිපත් කරන ප්‍රත්‍යවේක්ෂාව මෙසේයි.
පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවාමි, යාවදේව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංස මකස වාතාතප සිරිංසප සම්පස්සානං පටිඝාතාය යාවදෙව හිරිකෝපිනං පටිඡ්චාදනත්තං’
මා මේ සිවුර අඳින්නේ සීතලෙන් ආරක්ෂා වීමටයි. එසේම උණුසුමෙන් ආරක්ෂා වීමටයි. ලේ බොන ඇට මැස්සන්ගෙන්ද, මැසි මදුරුවන්ගෙන් ද ආරක්ෂා වීමටයි. සර්පයන් ඇඟ නොදැවටීම පිණිසයි. එසේම මිනිසුන්ගේ සිත් සතන් ආශාවෙන් නොකැළඹවීමේ අදහසිනි.
භික්ෂුවගේ ඇඳුම් පරිහරණය පිළිබඳ වූ මෙම අරමුණු කොතරම් නිවැරිදි ද? ඕනෑම කාලයකට ඕනෑම දේශගුණයකට ගැළපෙන ඉතාමත් නිවැරදි අරමුණක් ඇතිව කෙනෙකුට ඇඳුමක තිබිය යුතු පාරිභෝගික දර්ශනයක් මෙහි අඩංගු වී ඇත. මුල්ම ශිෂ්ටාචාරගත මිනිසාගේ ඇඳුම් යෙදීමේ අවශ්‍යතාවයක් ඇති වූයේ පරිසරයෙන් මුහුන පෑමට සිදුවන දේශගුණික කාළගුණික දුෂ්කරතා සහ සතුන්ගෙන්, කෘමීන්ගෙන් එන හිරිහැර බාධක දුෂ්කරතාවන්ගෙන් මිදීමටය. ඒ අනුව ඇඳුම් නිර්මාණය විය. ආරම්භයේදී කොළ අතු ද, පොතු, කෙඳි, සම් පටක ආදියෙන් ද විළි වසා ගත් මිනිසා කාලයාගේ ඇවෑමෙන් හණ නූල්, එළු බැටළු ලොම්, කපු පිළි, පට පිළි ආදියෙන්ද, පසුව ටෙට්‍රන්, පොලියෙස්ටර් වැනි කෘතිම රෙදි වලින් ද, ඇඳුම් සකසා ගන්නට විය. මිනිස් වර්ගයාගේ ඇඳුම වසරින් වසර දිනෙන් දින පමණක් නොව පැයෙන් පැයටද මෝස්තර වශයෙන් වේගයෙන් වෙනස් වෙයි. එහෙත් භික්ෂුවකගේ චීවරය වසර දෙදහස් ගණනක් තිස්සේ අඛණ්ඩව නොවෙනස්ව පවතී.මානව ඉතිහාසයේ නොවෙනස්ව පවත්නා එකම ඇඳුම චීවරය ලෙස සැළකිය හැකිය. සිවුරේ ඇති විශේෂත්වය වන්නේ එහි කහට වර්ණය මිස අලංකාර සැරසිලි මෝස්තර, රේන්ද, ලේස් මේ කිසිදු විශේෂාංගයක් එක් නොවී සරලව පැවතීමයි.
සිවුරෙහි සුළු වෙනස්කම් නැත්තේ ද නොවේ. බහු භාණ්ඩික සමාජ ක්‍රමයක් තුළ එදා තුන් සිවුරකට සීමා වූ භික්ෂු අවශ්‍යතාව අද බහුල බවට පත් ව ඇත. ලාභ සත්කාර වැඩි වීම නිසා චීවර බහුලත්වය භික්ෂු සමාජහෙහි දැක ගත හැකිය. ඇතැම් භික්ෂූන් වහන්සේලා ග්‍රාමීය භික්ෂූන්ට සිවුරු නැතිව බොහෝ දුකසේ සිටින බව නාගරික බෞද්ධයන්ට රූපවාහිනී මාධ්‍යන් මගින් ප්‍රචාරය කරමින් තවත් විගඩමක් නටන අයුරු පෙනේ.කලින් කලට ශාසන වේදිකාවේ කැපී පෙනීමට දඟලන මෙබඳු අය සසුනට කරන්නේ මහත් විනාශයකි.
බහු භාණ්ඩික සමාජ ක්‍රමයෙන් මිදීමට ද භික්ෂූන්ට අපහසු වී ඇත. විශේෂයෙන්ම වත්මන් කුඩා සාමණේර වරුන්ට චීවරයක් දැරීමේ අරමුණ හා ඒ චීවර පරිහරණය පිළිබඳව ශ්‍රමණ ආකල්පය අවබෝධ කිරීම අපහසු වී ඇත. පන්සල් වල අගු පිලෙහි ගොඩ ගැසෙන ඉවත ලන සිවුරු පිරිකර වලින් කියාපාන්නේ සිවුරක් පරිහරණය කිරීමේ අරපරිස්සම් බව අද ශාසනය තුළ ද නැති බවයි. ගිහි සමාජය ගැන කියනු කවරේද? භික්ෂුවක් තම චීවරය කෙසේ පරිහරණය කළ යුතුද යන්න පෙන්වා දෙන මනා නිදර්ශනයක් චුල්ලවග්ග පාලියේ පංචසතිඣංධකයෙහි1 දැක්වේ.
දිනක් ආනන්ද හිමියන්ගේ ධර්මය අසා පැහැදුණු උදේන රජතුමාගේ බිසෝවරු පන්සියයක් තමන්ගේ උතුරු සළු උන්වහන්සේට පූජා කළහ. මේ බව දැන ගත් රජතුමා ආනන්ද හිමියන් වෙත පැමිණ මෙතරම් සළු තොගයක් වෙළඳාමක් කරන්නට දැයි විමසුවේය. ‘රජතුමනි මේ සළු දිරා ගිය සිවුරු ඇති භික්ෂූන්ට දෙමි’ යැයි ආනන්ද හිමි රජුට පැහැදිලි කර දුන්නේය. භික්ෂූන් අලුත් සිවුරු අඳින විට පැරණි සිවුරු වලට කුමක් කරන්නේ දැයි රජතුමා නැවත විමසුවේය.
රජතුමනි, ඒ පැරණි සිවුරු ඇඳීමට නොහැකි තත්වයේ තිබෙන විට ඒවා ඇඳ ඇතිරිලි වලටත්, කොට්ටා මෙට්ටා වැසුම් වලටත්, යොදා ගන්නෙමු. ඒ කොට්ටා හා ඇඳ ඇතිරිලිත් දිරූ විට ඒවා පටි වලට ඉරා රැහැන් ලෙස අඹරා පාපිසි වලට පාවිච්චි කරන්නෙමු. ඒ පාපිස්නාවක් දිරා ගිය විට කැබලි වලට කපා මැටිත් සමඟ අනා බිත්ති වල අලවන්නෙමු. එයින් ශීතලින්, උණුසුමින් ආරක්ෂා වීමට හැකි වේ, යනුවෙන් විස්තර කළේය. උදේන රජතුමා භික්ෂුවගේ මේ චීවර පරිහරණය පිළිබඳ පැහැදී තවත් සළු පන්සීයක් ආනන්ද හිමියන්ට පූජා කළ බව සඳහන් වේ.
තිරසාර සංවර්ධනයක් ගැනත්, පරිසර විනාශයෙන් ගැලවීමට ප්‍රතිචක්‍රීයකරණයක් පිළිබඳවත් වර්තමාන ලෝකයාට සිහිපත් වූයේ පරිසර විනාශයේ කෙළවරට පැමිනි පසුය. අනාගත පරපුරට උරුම කර දිය යුතු සම්පත් අද දවසේ කා දමා විනාශ කිරීමේ නාස්තිකාර ප්‍රතිපත්තිය අනුගමනය කරන ආත්මාර්ථකාමී අදූරදර්ශී අධිපාරිභෝගික සමාජ ක්‍රමයට බුදු දහමේ ඉගැන්වෙන මේ පාරිභෝගික දර්ශනය කෙතරම් පොහොසත් එකක්ද? මීට ඉහතින් දැක්වූ ආහාර ප්‍රතිපත්තියෙන් හා ඇඳුම් පැළඳුම් ප්‍රතිපත්තියෙන් බෞද්ධ ඉගැන්වීම් වල සනාතනික වටිනාකම මනාව පැහැදිලි වේ.
බුදුන් වහන්සේ භික්ෂුවකට කොපමණ සිවුරු ප්‍රමාණයක් තිබිය යුතුද යන්න තමන් වහන්සේ විසින්ම විශාලා නුවර ගෝතමක චේතියේදී පර්යේෂණ කොට තීරණය කළහ. මෙය අධික ශීත කාලයක් විය. ඒ ශීත කාලයක රාත්‍රියේ තුන් යාමයක් එළිමහනෙහි සිටිමින් බුදුන් වහන්සේ භික්ෂුවකට තුන් සිවුරක් අනුමත කළහ. එනම්,
සංඝාටිය : හෙවත් දෙපට සිවුර
උත්තර සංඝාටිය : තනිපට සිවුර
අන්තරවාසිකය : අඳනය2
භික්ෂුවකට තුන් සිවුරක් ප්‍රමාණවත් වුවත් ගිහි කාමභෝගී ජනතාවකට එය ප්‍රමාණවත් නොවේ. එහෙත් ගිහි ජනතාව අසීමිත ආශාවන් පාලනය කොට ඇඳුම්, පැලඳුම්හි සීමාවක් තබාගෙන සැරසීම, ආර්ථිකයට, රටට පරිසරයට හැම අංශයකටම හිතකර වේ. ගිහියාගේ අතෘප්තිකර ආශාවන් කළඹවන මෝස්තර තරඟයෙන් මිදී සිටීම පාලනය වීම තෘප්තිමත් සාර්ථක ජීවිතයකට අවශ්‍ය වේ. ඇතැම් ඇඳුමක් ජීවිතයේ එකම දවසක් පරිහරණය කළ එකක් විය හැකිය. බාල, මහලු, තරුණ සියලු දෙනාගේ මේ ඇඳුම් තොග එලියට එන්නේ සුනාමියක් හෝ ගං වතුරක් පැමිණි විටක ආධාර වශයෙන් දෙන අවස්ථාවකය.
සිවුරක මූල්‍යමය අගයක් නොමැති ලෙස පරිහරණය කිරීමට බුදුන් වහන්සේ උපදෙස් දෙති.එමගින් භික්ෂුවගේ තෘෂ්ණාව ද පාලනය වේ. සොර සතුරකු එය සොරකම් කිරීමට නොපෙළඹේ. ඒ සඳහා බුදුරදු දුන් උපදේශය වනුයේ සිවුර තනි රෙදි පටක් ලෙස නොමසා එය කපා කුඹුරක නියරවල් වලින් ලියදි වෙන් කරන හැඩයට මසා ගන්නා ලෙසයි. මේ නිසා සිවුර නම් වූ ඇඳුම කෙරෙහි කිසිවකුගේ ඊර්ෂ්‍යාව, ආශාව වර්ධනය නොකරයි. බලන්නාගේ ඉඳුරන් නොකළඹවයි.
සිවුරද කෙනෙකුට ආභරණයක් බවට පත් කර ගැනීමට හැකියාවක් ඇත. වර්තමානයේ එබඳු ප්‍රවණතාවක් ද පෙනේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද ඉතා වටිනා වේට්ටි, දහස් ගණනක් කුඩා කැබලි වලට කපා දහස් කඩ හා සියස් කඩ සිවුරු මසා සිවුරු මසා පඬු පොවා අඳින භික්ෂූන් ද ඇත. මෙම සිවුරක් රුපියල් හතලිස් දහසක් පමණ වෙතැයි කියති. මේ සිවුරු දරන සුපිරි පැලැන්තියේ භික්ෂූන් වහන්සේලා වරින් වර රූපවාහිනියේ පෙනී සිටින අවස්ථාවන් පරීක්ෂාකාරීව බැලුවොත් ඔබට දැක ගත හැකි වේවි. මෙබඳු ලක්ෂ ගණන් වටිනා සිවුරු දැරූ භික්ෂූන් බුද්ධ කාලයේද සිටි බව ධම්මපදයේ යමක වග්ගයේ එන දේවදත් භික්ෂුවගේ කථා පුවතින් පැහැදිලි වේ.