Wednesday, October 24, 2012

ශ්‍රී ලාංකීය ඉතිහාසය



පුරාවිද්‍යාත්මක සාධක සහ සිංහල වංශකතා ඇසුරින් වසර දසදහසකටත් වඩා පැරණි ලාංකීය ඉතිහාසය පිළිඹඳ පුරෝකථනය කල හැක.
ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පැරණිතම ශිෂ්ඨාචාරය පිළිඹඳ පුරාවිද්‍යා සාධක හමුවන්නේ බලන්ගොඩිනි.ඔවුන
් මීට අවුරුදු 34000 කට පමණ පෙර සිට දඩයම් කරමින් (මෙසොලිතික දඩයම් කරුවන් ) ගල්ගුහාවල ජීවත් වී ඇත.මෙවැනි ගුහා කිහිපයකින් ( බටදොඹ ලෙන හා පාහියංගල වන සෙනසුන )ලංකාවේ මෙම ආදිතමයින් පිළිබඳ සාධක ලැබී ඇත.මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න සොයාගනු ලැබීයැයි සැලකෙන සඳකැළුම් ජනතාව විසින් වගා කිරීම සඳහා හොර්ටන් තැන්න ගිනි තබා ඇති බවට සාධක ලැබී ඇති අතර ක්‍රිස්තුපූර්ව 15000 ටත් පෙරතුව සිට ඔවුන් විසින් බාර්ලි සහ ඕට්ස් වගා කර ඇති බවට තහවුරු වී ඇත.එමගින් ලංකාවේ එවක කෘෂිකර්මාන්තය දියුණු ලෙස පැවති බව පිලිගත හැක.ක්‍රිස්තු පූර්ව 6000 ට ඉහත මෙසොලිතික යුගයට අයත් සෙන්ටිමීටර 4 පමණ දිගින් යුත් කුඩා ග්‍රැනයිට් ආම්පන්න, මැටි බඳුන්, දැවී ගොස් ඉතිරි වූ දැව කැබලි සහ භූමිදානය සඳහා තිබුණු මැටි බඳුන් කලටුවාව, වාරණ රජ මහා විහාර ආශ්‍රිත කැණීම්වලින් හමුවී ඇත.
ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක.

ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක. එමෙන්ම බයිබලයේ සඳහන් වන සුප්‍රසිද්ධ වෙලඳ නගරයක් වන ටාර්ෂිෂ් (Biblical Tarshish)නගරය දැනට ගාල්ල නගරය විය හැකි බව පුරාව්ද්‍යාඥ ජෝන් එමර්සන් ටෙනට් විසින් පෙන්වා දී ඇත.

දකුණු ඉන්දියානු මුල්ම ශිෂ්ඨාචාරයන් හමුවනුයේ ක්‍රිස්තුපූර්ව 1200 තරම් ඈතකදීය අනුරාධපුර රාජධානියේ මුල් පදිංචිකරුවන් පිලිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 800-1000 තරම් ඈතකට විහිදෙන බව ( පොසෙල් 1990; දැරණියගල 1992:734) කාබන් පරීක්ෂා මගින් තහවුරු වී ඇත.නූතන පරීක්ෂණ මගින් මෙම අගය තවදුරටත් වෙනස් වීමට ඉඩ ඇත.ක්‍රිස්තුපූර්ව 900 වන ශතවර්ෂයේ පමණ ඉදිකරන ලදැයි විශ්වාස කල හැකිහෙක්ටයාර 15 ක නගර සංකීර්ණයක් අනුරාධපුරයෙන් හමුවුන පසු ඒ පිලිඹඳ තවදුරටත් කැණීම් කිරීමේදී එය හෙක්ටයාර 50 දක්වා ක්‍රිස්තුපූර්ව 700 ශතවර්ෂයේදී පමණ වර්ධනය කර ඇති බව පෙනී ගොස් ඇත. මේ හා සමාන සංකීර්ණයක් සීගිරිය අලිගලින්ද හමුවී ඇත.

දැනටත් ශ්‍රී ලංකාවේ ඌව,මධ්‍යම හා ගිණිකොණ ප්‍රදේශවල වාසය කරන වන්නිල ඇත්තෝ නමින් හඳුන්වන වැද්දෝ සෘජු ලෙසම ලංකාවේ ආදිතමයින්ගෙන් පැවත එන බවට විශ්වාසයක් පවතී. තවද ඔවුන් ඉන්දියානු උපමහද්වීපයෙන් හෝ එවකට ජනාවාසව පැවති අප්‍රිකාවෙන් පැවත එන ලදැයි විශ්වාස කරයි.

ක්‍රිස්තුපූර්ව 500 පමණ සිට ලංකාව තුල ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයක් දියුණු වීමත් සමග ඉදිකිරීම් කර්මාන්තයේ නව ප්‍රවනතාවයක් ඇතිවූ අතර මහා වැව්, වෙනත් ජලාශ ඇතුළු වාරිමාර්ග සමග බුදුදහමේ ආභාෂයත් සමග ඉදිවූ පිරමිඩාකාර ඉදිකිරීමක් වන ස්ථූප හෙවත් දාගැබ්ද ප්‍රමුඛතාවයක් ගනී.ක්‍රිස්තුපූර්ව 400 දී පමණ විජයසිංහල ජාතිය ඇතිවීයැයි සැලකෙනුයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. බුදුරජානන් වහන්සේගේ තෙවරක් සිදුවූ ලංකාගමයත් සමග ලංකාවේ එවකට පැවති ගෝත්‍රවල සියළු රජවරු බුදුරදුන් හමුවීම සිදුවිය.

ලංකාවේ සිංහල ජනගහනය 70% පමණ වන අතර ඉතිරියෙන් බහුතරය දෙමල ජාතිකයින් වෙති.දීපවංශයට හා මහාවංශයට අනුව විජයට පෙර ලංකාවේ ස්වදේශිකයින් ලෙස යක්ෂ, නාග, හා දේව ගෝත්‍ර පැවතී ඇත. ලේඛන කලාව පිළිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 600 දී පමණ බ්‍රාහ්මී අකුරු කොටා ඇති මැටි බඳුන් මගින් සනාථ වී ඇත. ඇතුළු ඉන්දු ආර්යයින් ලංකාවට සංක්‍රමණය වන අතර එතැන් පටන් ලංකාව තුල ඉන්දු මිශ්‍රිත ශිෂ්ඨාචාරයක් බිහිවීම ආරම්භ වුනි .

No comments:

Post a Comment