අප ඇඳුම් අඳින්නේ ඇයි ? යන ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් විය හැකිද ? විළි වසා ගැනීමට යැයි ඔබ අතුරින් බොහෝ දෙනෙකුගේ පිළිතුර වනු ඇත. එහෙත් එම පිළිතුර සම්පූර්ණ එකක් නොවේ. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ‘මිනිසා ඇඳුම් අඳින්නට වූයේ ලැජ්ජාව නිසා විළි වසා ගැනීමට නොව, ඇඟ උණුසුම් කර ගැනීමට ‘ බව සඳහන් කරයි.ඔහු මෙහිලා හෝකර්ට් දැක්වූ අදහසක් ද ගෙන හැර පායි.ඇස්කිමෝවරු ශීතලෙන් ආ
රක්ෂා වීමට ගෙයින් පිටත දී ඇඳුම් ඇඳ ගෙතුළ දී ඇඳුම් උනා නග්නව සිටිති, යැයි පවසයි.මාර්ටින් වික්‍රමසිංහයන් අපරදිග වියතකුගේ අදහසක් ඉස්මතු කොට දැක්වූවත් ඇඳුම් අඳින්නේ ඇයි ද යන්නට බුදු සමයේ මතය නොදැන සිටීම පුදුමයට කරුණකි.
මිනිසාගේ මූලික අවශ්‍යතා හතර ලෙස පෙන්වා දෙන සිව්පසයේ ඇඳුම ප්‍රධාන අංගයකි.චීවර,පිණ්ඩපාත,සේනාස න,ගිලානප්‍රත්‍ය යනුවෙන් පැවිද්දාගේ සිව්පසය ගිහියාගේද පොදු අවශ්‍යතාවයන් වේ.චීවරය පැවිද්දාගේ සරල ඇඳුමක් වන අතර, ගිහි ජනතාවගේ ඇඳුම විවිධ වර්ණ හා මෝස්තර වලින් යුක්ත වේ.පැවිද්දා විසින් සිව්‍ර පෙරවීමේදී නිතර මෙනෙහි කල යුතු ප්‍රත්‍යාවේක්ෂාවක් වේ.එම ප්‍රත්‍යාවේක්ශාවෙන් ඇඳුමක් අඳින්නේ ඇයි ද යන්න විවරණය වේ.
භික්ෂුවක් සිවුර පොරවන අවස්ථාවේදී සිහිපත් කරන ප්‍රත්‍යවේක්ෂාව මෙසේයි.
පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවාමි, යාවදේව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංස මකස වාතාතප සිරිංසප සම්පස්සානං පටිඝාතාය යාවදෙව හිරිකෝපිනං පටිඡ්චාදනත්තං’
මා මේ සිවුර අඳින්නේ සීතලෙන් ආරක්ෂා වීමටයි. එසේම උණුසුමෙන් ආරක්ෂා වීමටයි. ලේ බොන ඇට මැස්සන්ගෙන්ද, මැසි මදුරුවන්ගෙන් ද ආරක්ෂා වීමටයි. සර්පයන් ඇඟ නොදැවටීම පිණිසයි. එසේම මිනිසුන්ගේ සිත් සතන් ආශාවෙන් නොකැළඹවීමේ අදහසිනි.
භික්ෂුවගේ ඇඳුම් පරිහරණය පිළිබඳ වූ මෙම අරමුණු කොතරම් නිවැරිදි ද? ඕනෑම කාලයකට ඕනෑම දේශගුණයකට ගැළපෙන ඉතාමත් නිවැරදි අරමුණක් ඇතිව කෙනෙකුට ඇඳුමක තිබිය යුතු පාරිභෝගික දර්ශනයක් මෙහි අඩංගු වී ඇත. මුල්ම ශිෂ්ටාචාරගත මිනිසාගේ ඇඳුම් යෙදීමේ අවශ්‍යතාවයක් ඇති වූයේ පරිසරයෙන් මුහුන පෑමට සිදුවන දේශගුණික කාළගුණික දුෂ්කරතා සහ සතුන්ගෙන්, කෘමීන්ගෙන් එන හිරිහැර බාධක දුෂ්කරතාවන්ගෙන් මිදීමටය. ඒ අනුව ඇඳුම් නිර්මාණය විය. ආරම්භයේදී කොළ අතු ද, පොතු, කෙඳි, සම් පටක ආදියෙන් ද විළි වසා ගත් මිනිසා කාලයාගේ ඇවෑමෙන් හණ නූල්, එළු බැටළු ලොම්, කපු පිළි, පට පිළි ආදියෙන්ද, පසුව ටෙට්‍රන්, පොලියෙස්ටර් වැනි කෘතිම රෙදි වලින් ද, ඇඳුම් සකසා ගන්නට විය. මිනිස් වර්ගයාගේ ඇඳුම වසරින් වසර දිනෙන් දින පමණක් නොව පැයෙන් පැයටද මෝස්තර වශයෙන් වේගයෙන් වෙනස් වෙයි. එහෙත් භික්ෂුවකගේ චීවරය වසර දෙදහස් ගණනක් තිස්සේ අඛණ්ඩව නොවෙනස්ව පවතී.මානව ඉතිහාසයේ නොවෙනස්ව පවත්නා එකම ඇඳුම චීවරය ලෙස සැළකිය හැකිය. සිවුරේ ඇති විශේෂත්වය වන්නේ එහි කහට වර්ණය මිස අලංකාර සැරසිලි මෝස්තර, රේන්ද, ලේස් මේ කිසිදු විශේෂාංගයක් එක් නොවී සරලව පැවතීමයි.
සිවුරෙහි සුළු වෙනස්කම් නැත්තේ ද නොවේ. බහු භාණ්ඩික සමාජ ක්‍රමයක් තුළ එදා තුන් සිවුරකට සීමා වූ භික්ෂු අවශ්‍යතාව අද බහුල බවට පත් ව ඇත. ලාභ සත්කාර වැඩි වීම නිසා චීවර බහුලත්වය භික්ෂු සමාජහෙහි දැක ගත හැකිය. ඇතැම් භික්ෂූන් වහන්සේලා ග්‍රාමීය භික්ෂූන්ට සිවුරු නැතිව බොහෝ දුකසේ සිටින බව නාගරික බෞද්ධයන්ට රූපවාහිනී මාධ්‍යන් මගින් ප්‍රචාරය කරමින් තවත් විගඩමක් නටන අයුරු පෙනේ.කලින් කලට ශාසන වේදිකාවේ කැපී පෙනීමට දඟලන මෙබඳු අය සසුනට කරන්නේ මහත් විනාශයකි.
බහු භාණ්ඩික සමාජ ක්‍රමයෙන් මිදීමට ද භික්ෂූන්ට අපහසු වී ඇත. විශේෂයෙන්ම වත්මන් කුඩා සාමණේර වරුන්ට චීවරයක් දැරීමේ අරමුණ හා ඒ චීවර පරිහරණය පිළිබඳව ශ්‍රමණ ආකල්පය අවබෝධ කිරීම අපහසු වී ඇත. පන්සල් වල අගු පිලෙහි ගොඩ ගැසෙන ඉවත ලන සිවුරු පිරිකර වලින් කියාපාන්නේ සිවුරක් පරිහරණය කිරීමේ අරපරිස්සම් බව අද ශාසනය තුළ ද නැති බවයි. ගිහි සමාජය ගැන කියනු කවරේද? භික්ෂුවක් තම චීවරය කෙසේ පරිහරණය කළ යුතුද යන්න පෙන්වා දෙන මනා නිදර්ශනයක් චුල්ලවග්ග පාලියේ පංචසතිඣංධකයෙහි1 දැක්වේ.
දිනක් ආනන්ද හිමියන්ගේ ධර්මය අසා පැහැදුණු උදේන රජතුමාගේ බිසෝවරු පන්සියයක් තමන්ගේ උතුරු සළු උන්වහන්සේට පූජා කළහ. මේ බව දැන ගත් රජතුමා ආනන්ද හිමියන් වෙත පැමිණ මෙතරම් සළු තොගයක් වෙළඳාමක් කරන්නට දැයි විමසුවේය. ‘රජතුමනි මේ සළු දිරා ගිය සිවුරු ඇති භික්ෂූන්ට දෙමි’ යැයි ආනන්ද හිමි රජුට පැහැදිලි කර දුන්නේය. භික්ෂූන් අලුත් සිවුරු අඳින විට පැරණි සිවුරු වලට කුමක් කරන්නේ දැයි රජතුමා නැවත විමසුවේය.
රජතුමනි, ඒ පැරණි සිවුරු ඇඳීමට නොහැකි තත්වයේ තිබෙන විට ඒවා ඇඳ ඇතිරිලි වලටත්, කොට්ටා මෙට්ටා වැසුම් වලටත්, යොදා ගන්නෙමු. ඒ කොට්ටා හා ඇඳ ඇතිරිලිත් දිරූ විට ඒවා පටි වලට ඉරා රැහැන් ලෙස අඹරා පාපිසි වලට පාවිච්චි කරන්නෙමු. ඒ පාපිස්නාවක් දිරා ගිය විට කැබලි වලට කපා මැටිත් සමඟ අනා බිත්ති වල අලවන්නෙමු. එයින් ශීතලින්, උණුසුමින් ආරක්ෂා වීමට හැකි වේ, යනුවෙන් විස්තර කළේය. උදේන රජතුමා භික්ෂුවගේ මේ චීවර පරිහරණය පිළිබඳ පැහැදී තවත් සළු පන්සීයක් ආනන්ද හිමියන්ට පූජා කළ බව සඳහන් වේ.
තිරසාර සංවර්ධනයක් ගැනත්, පරිසර විනාශයෙන් ගැලවීමට ප්‍රතිචක්‍රීයකරණයක් පිළිබඳවත් වර්තමාන ලෝකයාට සිහිපත් වූයේ පරිසර විනාශයේ කෙළවරට පැමිනි පසුය. අනාගත පරපුරට උරුම කර දිය යුතු සම්පත් අද දවසේ කා දමා විනාශ කිරීමේ නාස්තිකාර ප්‍රතිපත්තිය අනුගමනය කරන ආත්මාර්ථකාමී අදූරදර්ශී අධිපාරිභෝගික සමාජ ක්‍රමයට බුදු දහමේ ඉගැන්වෙන මේ පාරිභෝගික දර්ශනය කෙතරම් පොහොසත් එකක්ද? මීට ඉහතින් දැක්වූ ආහාර ප්‍රතිපත්තියෙන් හා ඇඳුම් පැළඳුම් ප්‍රතිපත්තියෙන් බෞද්ධ ඉගැන්වීම් වල සනාතනික වටිනාකම මනාව පැහැදිලි වේ.
බුදුන් වහන්සේ භික්ෂුවකට කොපමණ සිවුරු ප්‍රමාණයක් තිබිය යුතුද යන්න තමන් වහන්සේ විසින්ම විශාලා නුවර ගෝතමක චේතියේදී පර්යේෂණ කොට තීරණය කළහ. මෙය අධික ශීත කාලයක් විය. ඒ ශීත කාලයක රාත්‍රියේ තුන් යාමයක් එළිමහනෙහි සිටිමින් බුදුන් වහන්සේ භික්ෂුවකට තුන් සිවුරක් අනුමත කළහ. එනම්,
සංඝාටිය : හෙවත් දෙපට සිවුර
උත්තර සංඝාටිය : තනිපට සිවුර
අන්තරවාසිකය : අඳනය2
භික්ෂුවකට තුන් සිවුරක් ප්‍රමාණවත් වුවත් ගිහි කාමභෝගී ජනතාවකට එය ප්‍රමාණවත් නොවේ. එහෙත් ගිහි ජනතාව අසීමිත ආශාවන් පාලනය කොට ඇඳුම්, පැලඳුම්හි සීමාවක් තබාගෙන සැරසීම, ආර්ථිකයට, රටට පරිසරයට හැම අංශයකටම හිතකර වේ. ගිහියාගේ අතෘප්තිකර ආශාවන් කළඹවන මෝස්තර තරඟයෙන් මිදී සිටීම පාලනය වීම තෘප්තිමත් සාර්ථක ජීවිතයකට අවශ්‍ය වේ. ඇතැම් ඇඳුමක් ජීවිතයේ එකම දවසක් පරිහරණය කළ එකක් විය හැකිය. බාල, මහලු, තරුණ සියලු දෙනාගේ මේ ඇඳුම් තොග එලියට එන්නේ සුනාමියක් හෝ ගං වතුරක් පැමිණි විටක ආධාර වශයෙන් දෙන අවස්ථාවකය.
සිවුරක මූල්‍යමය අගයක් නොමැති ලෙස පරිහරණය කිරීමට බුදුන් වහන්සේ උපදෙස් දෙති.එමගින් භික්ෂුවගේ තෘෂ්ණාව ද පාලනය වේ. සොර සතුරකු එය සොරකම් කිරීමට නොපෙළඹේ. ඒ සඳහා බුදුරදු දුන් උපදේශය වනුයේ සිවුර තනි රෙදි පටක් ලෙස නොමසා එය කපා කුඹුරක නියරවල් වලින් ලියදි වෙන් කරන හැඩයට මසා ගන්නා ලෙසයි. මේ නිසා සිවුර නම් වූ ඇඳුම කෙරෙහි කිසිවකුගේ ඊර්ෂ්‍යාව, ආශාව වර්ධනය නොකරයි. බලන්නාගේ ඉඳුරන් නොකළඹවයි.
සිවුරද කෙනෙකුට ආභරණයක් බවට පත් කර ගැනීමට හැකියාවක් ඇත. වර්තමානයේ එබඳු ප්‍රවණතාවක් ද පෙනේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද ඉතා වටිනා වේට්ටි, දහස් ගණනක් කුඩා කැබලි වලට කපා දහස් කඩ හා සියස් කඩ සිවුරු මසා සිවුරු මසා පඬු පොවා අඳින භික්ෂූන් ද ඇත. මෙම සිවුරක් රුපියල් හතලිස් දහසක් පමණ වෙතැයි කියති. මේ සිවුරු දරන සුපිරි පැලැන්තියේ භික්ෂූන් වහන්සේලා වරින් වර රූපවාහිනියේ පෙනී සිටින අවස්ථාවන් පරීක්ෂාකාරීව බැලුවොත් ඔබට දැක ගත හැකි වේවි. මෙබඳු ලක්ෂ ගණන් වටිනා සිවුරු දැරූ භික්ෂූන් බුද්ධ කාලයේද සිටි බව ධම්මපදයේ යමක වග්ගයේ එන දේවදත් භික්ෂුවගේ කථා පුවතින් පැහැදිලි වේ.
මිනිසාගේ මූලික අවශ්‍යතා හතර ලෙස පෙන්වා දෙන සිව්පසයේ ඇඳුම ප්‍රධාන අංගයකි.චීවර,පිණ්ඩපාත,සේනාස

No comments:
Post a Comment