වසර තිස් දහසක තරම් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන පාහියන්ගල ලෙන් විහාරය කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල යටගම්පිට නම් සුන්දර ගමෙහි පිහිටා ඇත.ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත්වූ මානවයාගේ ජනවාසයක් වී ඇති ම
ෙම ලෙන තුන්දහසක පමණ පිරිසකට සිටිය හැකි තරම් විශාලය. මෙම ලෙනෙහි උස අඩි 175ක් පමණ වන අතර පළල අඩි 150ක් පමණ වේ.මෙම ලෙනට පාහියන්ගල යන තම ලැබුණු ආකාරය ජනප‍්‍රවාදයේ දෙයාකාරයකින් සදහන් වේ. ඉන් එක් මතයක් නම් අතීතයේ මෙම ප‍්‍රදේශයේ මායිම්ගලක් තිබී ඇති අතර මායිම්ගල යන්න පසු කාලයේ දී පාහියන්ගල වූ බවය. අනෙක් මතය වන්නේ කි‍්‍රස්තු වර්ෂ පස්වන සියවසේ ලංකාවට වැඩම කළ චීන භික්ෂුණ් වහන්සේ නමක් වූ පාහියන් නම් හිමි ශී‍්‍ර පාදය වැඳීමට යන ගමනේ දී මෙම ගල් ලෙනේ වැඩ වාසය කර ඇති අතර එහෙයින් මෙම ලෙන පාහියන්ගල යනුවෙන් ප‍්‍රසිද්ධ වු බවයි. (නමුත් මෙම මතය සනාථ කිරීම සඳහා පවතින පුරා විද්‍යාත්මක සාක්ෂි දුලබය.)
1986, 1987 කාලවලදී මේ ලෙන තුළ පර්යේෂණ කැනීම් සිදු කර ඇති අතර ලෙනේ අඩි තිහක් පමණ යටට පමණක් කැනීම් සිදුකර ඇත. මෙම කැනීම්වලදී ඒ කාලයේ මිනිසුන් ආහාරයට ගත් සතුන්ගේ ඇට කටු සහ ඔවුන් භාවිතා කළ ගල් ආයුධ ද සොයා ගෙන ඇත. මෙහිදී ඉත්තෑවන්, ඌරු මීයන්, මුවන්, ගස් ගොළුබෙල්ලන් ආදී සතුන්ගේ ඇට කටු හමුවී ඇත. මේ ලෙනේ අනෙක් පැත්තේ කළ කැනීම්වල දී හිස්කබල්, ඇටකටු, අඟුරු, බෙලි කටු, ගල් ආයුධ ද හමුවී තිබේ. මෙම හිස් කබලේ ඇට ගුරුගල්වලින් වර්ණවත් කර තිබීමක් දක්නට ලැබේ. මෙම වර්ණ ගැන්වීම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ කිසියම් ඇදහීමක් මත කරන ලද යාතු කර්මයක් ලෙසින් සැලකේ.එවගේම පැරණි ගල් ආයුධ, කෑමට ගන්නා ලද සතුන්ගේ ඇට කටු අඟුරු මෙහි ප‍්‍රදර්ශනයට තබා ඇත. පාහියන්ගල ලෙන් විහාරයේ මහනුවර යුගයට අයත් බුදු පිළිමයක් හා දේව ප‍්‍රතිමාවක් ද එම යුගයට ම අයත් සිතුවම් ද දැකගත හැකිය.දකුණු ආසියාවේ ඇති ඉතා පැරණිතම ලෙන වන මෙය විශාලත්වය අතින්ද විශේෂත්වයක් දරයි. වර්තමානයේ ලෙන පිහිටි විශාල පර්වතය මත සිරි පතුලක් ද සාදවා පුද බිමක් ලෙස රැකගනිමින් පවතී. අක්කර හැත්තෑවක පමණ රක්ෂිත වනයක් වු මෙම ප‍්‍රදේශයේ දුර්ලභ ගණයේ වෘක්ෂලතා සහ කුරුලු වර්ග දක්නට ලැබීම විශේෂත්වයකි. ඓතිහාසික වශයෙන් මෙන්ම ස්වාභාව සෞන්දර්ය අතින්ද ඉතා වැදගත් මෙම පාහියන්ගල ලෙස අනාගත පරපුර උදෙසා රැකදීම වර්තමානයේ වෙසෙන කාගේත් වගකීමකි. යුතුකමකි.

No comments:
Post a Comment